Tuesday, May 30, 2023

බටර් කේක්

 

                          මගේ බ්ලොග් එකෙන් ඔන්න ඔයාලට මං පළවෙනියෙන්ම කියලා දෙන්න යන්නේ ලොකු පොඩි හැමෝම ගොඩාක් ආසාවෙන් කන රසම රස බටර් කේක් එකක් හදාගන්නෙ කොහොමද කියලා.මුලින්ම අවශ්‍ය දේවල් ටික ලෑස්ති කරගෙන අපි රසම රස කේක් එකක් හදන විදිහ බලමු.

           අවශ්‍ය ද්‍රව්‍යය  :  👉පාන් පිටි                250 g

                                  👉 සිනී                      250 g

                                  👉 මාගරින්                  250 g

                                  👉කිරි කෝප්ප             1/4 

                                  👉 බිත්තර                     3

                                  👉 බේකින් පවුඩර්       තේ හැදි 02 

                                 👉 වැනිලා රසකාරක      තේ හැදි 02

  මෙන්න මේ අමුද්‍රව්‍ය ටික එකතු කරගෙන දැන් බලමු රසම රස බටර්  එකක් හදන්නේ කොහොමද කියලා ?

      👉බේකින් පවුඩර් සහ පිටි හොදින් කලවම් කර පැත්තකින් තබා ගන්න.

      👉  පුළුන් වගේ තත්වයකට එනකම් සිනී සහ මාගරින් ගසාගන්න .[ ඔයාලා බීට් කරනවානම් එකම අතකට බීට් කරන්න අමතක කරන්න එපා .]

     👉 බිත්තර එකින් එක එකතු කරමින් සිනී ටික සහ මාගරින් හොදින් බීට් කරන්න. මතක තියාගන්න සීනී ටික දියවෙනකන් බීට් කරගන්න ඕනෑ.

     👉දැන් වැනිලා රසකාරකද මේ මිශ්‍රණයට යොදා හොදින් කළවම් කරගන්න.

     👉 කලින් සදාගත්ත බේකින් පවුඩර් සහ පිටි මිශ්‍රණයට ටිකෙන් ටිකෙන් කලවම් කර සාදාගත් මිශ්‍රණය එකතු කරමින් බීට් කරන්න.

     👉සාදාගත් කිරි ටිකද එම මිශ්‍රණයට එකතු කරගන්න.

      👉 දැන් සාදාගත් මිශ්‍රණය බේක් කර ගැනීම සදහා සෝදා වියළාගත් තැටියක් ගෙන එහි බටර් හෝ මාගරින් තවරා ගන්න.

        👉  මිශ්‍රණය තැටියට දමාගෙන කේක් එක වර් ණවත් කිරීමට අවශ්‍යනම් කැමති පාටකින් කලරින් බිංදු කීපයක් එකතු කරන්න.

       👉 දැන් කේක් එක පුළුස්සා ගැනීම සදහා කලින් රත් කරගත් අවන් එක තූළ සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයට  සකස් කරගන්න.

        👉 දැන් කේක් මිශ්‍රණය දැමූ තැටිය අවන් එක තුළට දමා කේක් එක මිනිත්තු 35 පමණ පුළුස්සා ගන්න.

        👉විනාඩි 35 පසුව කේක් එක අවන් එකෙන් පිටතට ගෙන නිවෙන්නට හරින්න.

        👉  නිවුණු පසුව තැටියෙන් පිටතට ගෙන අවශ්‍ය ප්‍රමාණයට කපා පිළිගන්වන්න.


                                  මේ ආකාරයට ඉතා ඉක්මනින් සහ ලාභදායි ලෙස බටර් කේක් එකක් නිවසේදීම සදාගන්න අපට හැකියාව තියෙනවා. ඔයාගේ ජීවිතේ වැදගත් අවස්ථා සමරන හැම වෙලාවක දීම ඔයාගේම අතින් හදන රසම රස කේක් එකක්  කෑම මේසෙට එකතු කරන්න ඔයාට දැන් පුළුවන් .  😋