Wednesday, July 12, 2023

රෝල්ස්

 තේ වෙලාවට කටට සැරට කන්න කැමති අයට තමයි අද මං කියලා දෙන්න යන්නේ ඉක්මනට ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් කොහොමද රෝල්ස් හදාගන්නේ කියලා. 
 
 අවශ්‍ය ද්‍රවය : මාළු හෝ සැමන්                                                         150
                      තම්බාගත් අර් තාපල්                                                  100
                      ලොකු ලූණූ                                                                01 
                      සුදු ලූණූ                                                                     බික් 03  
                      තක්කාලී                                                                     01 
                      අමුමිරිස්                                                                      03 
                     කරපිංචා 
                     කුඩු කරගත් කරදමුංගු , කරාබු නැටි, කුරැදු පොතු             තේ හැදි 3/4 
                     ලීස්                                                                                100
                     ගා ගත් කැරට්                                                                 01
                     ලුනු                                                                              තේ හැදි 01
                     ගම්මිරිස්                                                                        තේ හැදි 01 
                     කෑලි මිරිස්                                                                     තේ හැදි 01
                     පොඩි කරගත් ඉගුරැ ස්වල්පයක් 
                     කහ කුඩු                                                                        තේ හැදි 4/1
                    පාන් පිටි                                                                         350
                    බිත්තර                                                                            02
                    පාන් කුඩු                                                                        200
                 
        මෙන්න මේ අමුද්‍රව්‍ය ටිකත් එකතු කරගෙන අපි බලමු කොහොමද රෝල්ස් හදාගන්නේ කියලා 😋

             මුලින්ම රෝල්ස් එක මැදට දා ගන්න පිරවුම හදාගන්න ඕනී.
  
        👉 පෑන් එකට තෙල් දාලා තෙල් රත් වෙනකොට තලා ගත් ඉගුරැ ටිකයි ,කුඩු කරගත් කරදමුංගු ,කරාබු  නැටි, කුරැදු ටිකයි පෑන් එකට දාගන්න ඕනී.
         👉   ඊලගට සුදු ලූනූයි, අමු මිරිසුයි , කරපිංචයි, කපාගත් තක්කාලී , ලොකු ලූණු ,කහ , ගම්මිරිස් ,කෑලි මිරිස් පෑන් එකට එකතු කරගන්න.
          👉  දැන් මේ මිශ්‍රනයට හීනියට කපාගත් ලීක්ස් , කැරට් එකතු කරගන්න ඕනි.
           👉  තමන්ගේ කැමැත්ත අනුව මාලු හෝ සැමන් පොඩි කර මෙම මිශ්‍රනයට එකතු කර ගන්න.
           👉  අන්තිමට තම්බාගත් අල ටිකද පොඩි කර එම මිශ්‍රණයට එකතු කරගන්න. දැන් රෝල්ස් එකට මිශ්‍රනය හරි.
             
        රෝල්ස් එකට අවශ්‍ය පෑන් කේක් එක ඊළගට හදාගන්න ඕනී.

   👉 පිටි වලට ලුනුයි බිත්තරයි දාලා මුලින්ම හොදට කලවම් කරගන්න ඕනී.
   👉 ඊළගට වතුර ටික ටික දදා ඝනකම් බැටර් එකක් සාදාගන්න.ගොඩාක් වතුර ගතියටත් නැතුව , ගොඩාක් ඝනකමටත් නැතුව බැටර් එක අපි හදාගන්න ඕනී.
   👉 දැන් මේ  මිශ්‍රනය ටිකෙන් ටික පෑන් එකටට දාලා පෑන් කේක් ටික හදාගන්න ඕනී.
    👉පෑන් කේක් හදලා ඉවර වෙනකොට මේ මිශ්‍රනයෙන් මේස හැන්දක ප්‍රමානයක් ඉතුරැ කරගන්න ඕනී.

රෝල් එකයි මිශ්‍රනයයි හදාගෙන අපි දැන් බලමු කොහොමද රෝල්ස් හදන්නේ කියලා.

      👉මුලින්ම පෑන් කේක් එක අරගෙන පැතලි මතුපිටක තියාගන්න ඕනී.
     👉 පෑන් කේක් එක මැදින් පිරවුමෙන් ටිකක් තියාගන්න ඕනී.
     👉 දැන් මුලින්ම පෑන් කේක් එකේ යට කොනකින් පිරවුම වැහෙන සේ නමන්න. දැන් දෙපැත්තෙන් නමන්න.
      👉දැන් මේක රෝල් එකේ හැඩයට රෝල් කරගන්න.
     👉 රෝල් එකේ අන්තිම තැන දිගහැරෙන නිසා පෑන් මිශ්‍රනයෙන් ටිකක් ආලේප කර සීල් කරගන්න.
      👉දැන් ඔක්කොම රෝල්ස් ටික හදලා ඉවර වුනාට පස්සේ බිත්තර දෙක බෝල් එකකට දමා හොදින් ගසාගන්න.
   👉 දැන් රෝල්ස් එකින් එක ගෙන බිත්තර මිශ්‍රනයේ ගල්වා පාන් කුඩු වල තවරා ගන්න.
   👉 දැන් තෙල් භාජනයක් ගෙන එයට තෙල් දමා තෙල් හොදින් රත් වුන පසු රෝල්ස් ගැඹුරැ තෙලේ බැදගන්න. 

මෙන්ම මේ විදිහට ඉක්මනට වගේම ගෙදර තියෙන අමුද්‍රවය යොදාගෙන ඔයාගේ තේ වෙලාවට ඔයාගේ අතින්ම හදගත් රසම රසම රෝල්ස් පිළිගන්වන්න ඔයාටත් පුළුවන් 😋


                      


     
          
            

          
               
           

4 comments: