Friday, June 2, 2023

                                     පොල් කේක්  


                                      ඔන්න අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ ඉක්මනින් හදාගන්න පුළුවන් පොල් කේක් හදන විදිහ ගැනයි.ඉතිං ඔයාලට හවස තේ වෙලාවට ඉතා ඉක්මනින් වගේම ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක් තමයි මේ පොල් කේක් කියන්නේ.අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටිකත් එකතු කරගෙන අපි බලමු කොහොමද රසම රස පොල් කේක් එකක් හදන්නේ කියලා.

            අවශ්‍ය ද්‍රව්‍ය :☀ සීනී                                               500 g

                               ☀ පිටි                                                250 g

                               ☀ මාගරින්                                         100 g

                              ☀  බිත්තර                                           03 

                              ☀  පොල් ගෙඩියක පොල් 

                              ☀ බේකින් පවුඩර් තේ හැදි                    02 

                              ☀ වැනිලා තේ හැදි                                02 

                              ☀  සුවද කුඩු දමන්නේ නම් තේ හැදි       01

                              ☀ රටකජු හෝ කජු                                 100 g

 

                 මෙන්ම මේ අමුද්‍රව්‍ය ටික එකතු කරගෙන අපි බලමු රසම රසට පොල් කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා.

          👉 මුලින්ම සිනී 500 g වලින් 250 g ලිපෙන් තියලා එයට පොල් ගෙඩියකින් ගා ගත් පොල් එකතු කර පොල් පැණි මිශ්‍රණය සාදා ගන්න.

           👉 සීනී හා මාගරින් හොදින් බීට් කරගන්න. බීට් කරන අතරවාරයේ  බිත්තරද වරකට එක බැගින් එකතු කරමින් සීනී ඇටයක්වත් ඉතුරැ නොවන ආකාරයට බීට් කරන්න.

            👉 වැනිලා හා මුලින්ම සාදාගත් පොල් පැණි මිශ්‍රණයද දමා නැවතත් බීට් කරන්න.

             👉 පිටි මිශ්‍රණය ගෙන එයට බේකින් පවුඩර් මිශ්‍රණයද එකතු කරගන්න.

             👉 දැන් පිටි මිශ්‍රණය හා පොල් පැණි මිශ්‍රණය එකට කළවම් කර ගන්න.

             👉 තෙල් කඩදාසි ඇලවූ තැටියක් ගෙන මිශ්‍රණය දමා මිශ්‍රණයට උඩින් රටකජු හෝ කජු එකතු කරගන්න.

              👉දැන් මිශ්‍රණය 30-35 අතර 180- 200 අතර උෂ්ණත්වයක් යටතේ බේක් කරගන්න.

              👉 බේක් කරගත් මිශ්‍රණය නිවුණු පසු බදුනකට දමා පිළිගන්වන්න.

                ඉතිං මේ විදිහට ඉතා ඉක්මනට වගේම ගෙදරදීම ලේසියෙන් ඔයාලට පොල් කේක් සාදාගැනීමේ හැකියාව තියෙනවා.ඔයාගේ අතින්ම හදලා ආදරණියන්ට දෙන්න පුළුවන් ඔයාලා ආසා කරන රසම රස කෑමක් හදන විදිහ දැනගන්න ආයෙත් දවසක එකතු වෙමු.

                               

                     


7 comments: