Friday, June 30, 2023

පෑන් කේක්

                  පෑන් කේක් කියන්නේ ගොඩාක් රටවල ජනප්‍රිය කෑමක් . පෑන් කේක් එක එක රටවල එක එක විදිහට හදලා තියෙනවා අපි දැකලා තියෙනවානේ. ඉතිං අද බලමු ලංකාවේ විදිහට පෑන් කේක් හදන්නේ කොහොමද කියලා. 

             අවශ්‍ය ද්‍රව්‍ය :   පාන් පිටි                         200 

                                   පොල් කිරි කෝප්ප          1 1/2

                                   කහ කුඩු තේ හැදි             1 1/4

                                    බිත්තර                              1 

                                    ලුනු රස පදමට 

                                    ගා ගත් පොල්                  100

                                    සිනී                                 100

                                   කොටාගත් කරදමුංගු ටිකක් 

  

              මෙන්න මේ අමුද්‍රව්‍ය ටික එකතු කරගෙන අපි දැන් බලමු රසම රස පෑන් කේක් එකක් හදන්නේ කොහොමද කියලා .

             😋   මුලින්ම අපි පොල් පැණි ටික හදාගන්න ඕනී. 

                 👉 ඒකට මුලින්ම භාජනයකට සීනී ටිකක් දාලා හොදට රත් කරගන්න.

                  👉  සිනී ටික රත් වීගෙන එනකොට මේකට උණුවතුර ටිකක් දාලා කලවම් කරගන්න.

                   👉 සිනි ටික හොදට උණු වෙලා රන්වන් පාට වෙනකොට ඒකට කරදමුංගු ටිකයි , ලුනු ටිකයි රස පදමට දාගන්න ඕනී.

                   👉දැන් සිනී ටික පැණි වීගෙන එනකොට ගා ගත් පොල් ටික එකතු කරගන්න.

                    👉  පොල්වල වතුර ගතිය යනකම් තියලා ලිපෙන් බා ගන්න.

                    👉  ඊළගට පෑන් කේක් එකේ බැටර් එක සාදාගන්න ඕනී.

           😋  දැන් අපි බලමු බැටර් එක හදාගන්න විදිහ .

                👉 මුලින්ම පිටිවල කැට ගතිය යනකම් කලවම් කරගන්න ඕනී.පිටි කැට වගේ ඉතුරැ වෙලා තියෙයිනම් ඒවා හොදින් පොඩි කරගන්න ඕනී.

              👉 දැන් පොල් කිරි ටික සමග පිටි ටික එකතු කරගන්න ඕනී. ගොඩාක් උකුවට නැතුව ටිකෙන් ටික පොල් කිරි ටික පිටි සමග එකතු කරගන්න ඕනී. 

             👉  සාදාගත් මිශ්‍රණයට කහ ටිකකුයි ලුනු ටිකකුයි එකතු කරගන්න ඕනී.

             👉  දැන් පෑන් එකක් අරගෙන මද රස්නියෙන් ඒක රත් කරගන්න ඕනී. දැන් බැටර් එක දාලා තුනී රවුමක් ආකාරයට පෑන් එකට බැටර් යොදන්න.

             👉  වැඩි ඝනකමක් නැති නිසා ඉක්මනට බැටර් එක රත් වෙන හින්දා අනික් පැත්ත හරවා ගන්න ඕනි.

             👉  රන්වන් පාට වෙනකොට බැටර් එක පෑන් එකෙන් ඉවත් කරගෙන ඉක්මනට අවශ්‍ය ප්‍රමාණයට සාදාගත් පොල් පැණි ටික බැටර් එක මැදට  එකතු කරගන්න ඕනි.

            👉 දැන් පෑන්කේක් එක රෝල් එකක් ආකාරයට ඔතා ගන්න.

                            මේ විදිහට ඉක්මනට රසම රස පෑන් කේක් ඔයාගෙම අතින් හදලා පිළිගන්වන්න පුළුවන්.ඔයාගේ කැමැත්ත අනුව මේකේ පැණි රස අඩු වැඩි කරගන්න පුළුවන් නිසා ඕනෑම කෙනෙක්ට තේ වෙලාවට කෑමට ගන්න පුළුවන් . 


                             


                           

          

                

                 


                                    

            

12 comments: