අවශ්‍ය ද්‍රව්‍ය : පාන් පිටි 200
පොල් කිරි කෝප්ප 1 1/2
කහ කුඩු තේ හැදි 1 1/4
බිත්තර 1
ලුනු රස පදමට
ගා ගත් පොල් 100
සිනී 100
කොටාගත් කරදමුංගු ටිකක්
😋 මුලින්ම අපි පොල් පැණි ටික හදාගන්න ඕනී.
👉 ඒකට මුලින්ම භාජනයකට සීනී ටිකක් දාලා හොදට රත් කරගන්න.
👉 සිනී ටික රත් වීගෙන එනකොට මේකට උණුවතුර ටිකක් දාලා කලවම් කරගන්න.
👉 සිනි ටික හොදට උණු වෙලා රන්වන් පාට වෙනකොට ඒකට කරදමුංගු ටිකයි , ලුනු ටිකයි රස පදමට දාගන්න ඕනී.
👉දැන් සිනී ටික පැණි වීගෙන එනකොට ගා ගත් පොල් ටික එකතු කරගන්න.
👉 පොල්වල වතුර ගතිය යනකම් තියලා ලිපෙන් බා ගන්න.
👉 ඊළගට පෑන් කේක් එකේ බැටර් එක සාදාගන්න ඕනී.
😋 දැන් අපි බලමු බැටර් එක හදාගන්න විදිහ .
👉 මුලින්ම පිටිවල කැට ගතිය යනකම් කලවම් කරගන්න ඕනී.පිටි කැට වගේ ඉතුරැ වෙලා තියෙයිනම් ඒවා හොදින් පොඩි කරගන්න ඕනී.
👉 දැන් පොල් කිරි ටික සමග පිටි ටික එකතු කරගන්න ඕනී. ගොඩාක් උකුවට නැතුව ටිකෙන් ටික පොල් කිරි ටික පිටි සමග එකතු කරගන්න ඕනී.
👉 සාදාගත් මිශ්‍රණයට කහ ටිකකුයි ලුනු ටිකකුයි එකතු කරගන්න ඕනී.
👉 දැන් පෑන් එකක් අරගෙන මද රස්නියෙන් ඒක රත් කරගන්න ඕනී. දැන් බැටර් එක දාලා තුනී රවුමක් ආකාරයට පෑන් එකට බැටර් යොදන්න.
👉 වැඩි ඝනකමක් නැති නිසා ඉක්මනට බැටර් එක රත් වෙන හින්දා අනික් පැත්ත හරවා ගන්න ඕනි.
👉 රන්වන් පාට වෙනකොට බැටර් එක පෑන් එකෙන් ඉවත් කරගෙන ඉක්මනට අවශ්‍ය ප්‍රමාණයට සාදාගත් පොල් පැණි ටික බැටර් එක මැදට එකතු කරගන්න ඕනි.
👉 දැන් පෑන්කේක් එක රෝල් එකක් ආකාරයට ඔතා ගන්න.