Thursday, June 8, 2023

පොටැටෝ චිප්ස්

                               

                        ලොකු පොඩි හැමෝම කන්න ආසා කරන කෑමක් තමයි පොටෑටෝ චිපස් කියන්නේ. කඩෙන් ලොකු ගානක් දීල ගන්නවට වැඩිය ඉක්මනට ගෙදරදී මේ පොටෑටෝ චිප්ස් හදාගන්න විදිහ තමයි මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඕනි කරන අමුද්‍රව්‍ය ටිකත් අරගෙන අපි බලමු කොහොමද පොටැටෝ චිප්ස් හදන්නේ කියලා. 

                    අවශ්‍ය අමුද්‍රව්‍යය : අල ගෙඩි කිහිපයක් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට

                                                බැදගැනීම සදහා අවශ්‍ය ප්‍රමාණයට තෙල් 

                                                ලුණු කුඩු ස්වල්පයක්

                                                

             ටක් ගාලා හොයාගන්න පුළුවන් මෙන්න මේ අමුද්‍රව්‍ය ටික හොයාගෙන දැන් අපි බලමු කොහොමද පොටැටෝ චිප්ස් හදන්නේ කියලා.😋  


                   සාදාගන්නා ආකාරය :      ✔ මුලින්ම අල ගෙඩි හොදින් සෝදාගෙන පොතු ඉවත් කරගන්න ඕනී.

                                                        ✔   ඊට පස්සේ සිහින්ව දිගට අල ගෙඩි කපාගන්න ඕනී.

                                                        ✔   කපාගත් අල පෙති විනාඩි 15 විතර අයිස් වතුරේ පෙගෙන්නට හරින්න. [ බැදෙනකොට එකට ඇලෙන්නේ නැති වෙන්න තමයි එහෙම කරන්නේ]

                                                        ✔   ර්‍ඊට පස්සේ හොදින් වතුර ඉවත් කරගෙන පිරිසිදු රෙදි කැබැල්ලක් මතට දමන්න. [ වැඩියෙන් තියෙන ජලය ඉවත් කරගන්න තමයි එහෙම කරන්නේ.]

                                                        ✔  දැන් තෙල් බදුනක් ලිප මත තබා මද ගින්නේ විනාඩි 5 /10 පමන අල පෙති ටිකෙන් ටික බැදගන්න. [මෙතනදී අල තැම්බීමක් පමණයි සිද්ද වෙන්නේ ]

                                                     ✔  ඊළගට තෙල්  බදුනෙන් ඉවතට ගෙන ටිෂූ කඩදාසියක් මතට අල පෙති ටික දමා ගෙන නිවෙන්නට හරින්න.

                                                  ✔  දැන් නැවතත් තෙල් බදුන ලිපෙන් තබා ගැඹූරැ තෙලෙන් රන්වන් පාට වනතෙක් බැදගන්න.

                                                 ✔   හොදින් බැදුනු පසුව භාජනයකට දමා ලුණු දමා පිළිගන්වන්න.

                                                  ✔ අවශ්‍යනම් රසය වැඩි කර ගැනීම සදහා තක්කාලි සෝස් ද කෑමට ගන්නකොට එකතු කර ගන්න පුළුවන්.

                       ඔයා තෙල් ගොඩක් අඩුවෙන් පාවිචිචියට ගන්න කෙනෙක්නම් අවන් එක පාචිචි කරලත් මේ රසටම පොටැටෝ චිප්ස් හදාගන්න හැකියාවක් ඔයාට තියෙනවා. අපි දැන් බලමු අවන් එකෙන් තෙල් අඩුවෙන් දාලා  පොටැටෝ චිප්ස් හදන්නේ කොහොමද කියලා.

                                  ✔ මුලින්ම අල හෝදලා කලින් වගේම සිහින් තීරැ පෙති කපා ගන්නවා.

                                   ✔   සීතල වතුරට දමා තෙත මාත්තු කරගන්නවා.

                                    ✔  ලුණු සහ තෙල් අවශ්‍ය ප්‍රමාණයට ගෙන හොදින් අල පෙති සමග කලවම් කර තැටියක අසුරා ගන්න. තිබේනම් අතුරාගත් අල පෙති අතරට රෝස්මරීන් ඉත්තක්ද එක් කරන්න.[අවශ්‍යම නැහැ. රසය වැඩි කරගන්න.]

                                     ✔  දැන් 180 උෂ්ණත්වයක් සහිතව විනාඩි 30-35 අතර කාලයක් රන් වන් පාට වන තෙක් තියන්න. 

                                      ✔  හොදින් බේක් වූ පසුව භාජනයකට දමා පිළිගන්වන්න.


                     ඉතිං මේ වගේ ඔයාලට ක්‍රම දෙකකට ඉතා ඉක්මනට පහසුවෙන් පොටැටෝ චිප්ස් හදාගන්න පුලූවන්. පාඩම් කරන වෙලාවට , නිදහසේ ඉන්න වෙලාවට, පාටියක් තියෙන වෙලාවක වගේ පොඩි පොඩි අවස්ථාවලදී ඉක්මනට රසවත්ව ඔයාගේ අතින්ම පොටැටෝ චිප්ස් හදලා පිළිගන්වන්න ඔයාටත් පුළුවන්.




                         

5 comments: